
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජින රූපවාහිනී දේශනයකදී සිය ඉල්ලා අස්වීම නිවේදනය කර තිබේ.
ඇය රැජින බවට පත්වී අදට වසර 52ක් සපිරේ.
ඇය නිල වශයෙන් ඉවත් වන්නේ ජනවාරි 14 වැනිදාය.
ඒ අනුව, ඇය සිය සිංහාසනය ඇයගේ පුත්‍රයා වන ඔටුන්න හිමි ෆෙඩ්රික් කුමරුට ලබාදෙන බව නිවේදනය කර ඇත.
83 හැවිරිදි රැජින 1972 දී ඇගේ පියා වන IX ෆ්‍රෙඩ්රික් රජුගේ අභාවයෙන් පසු සිංහාසනයට පත්වී තිබේ.
එමෙන්ම ඇය දැනට ලොව සිටින එකම රැජින වේ.
2023 මුල් භාගයේදී ඇයගේ පිටේ සිදුකරන ලද ශල්‍යකර්මයෙන් පසුව මෙම තීරණය ගෙන ඇති බව ඇය පවසා ඇත.
බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදාය මෙන් නොව, 55 හැවිරිදි ඔටුන්න හිමි ෆ්‍රෙඩ්රික් කුමරු සඳහා විධිමත් ඔටුනු පැළඳීමේ උත්සවයක් නොපවතිනු ඇත.
ඒ වෙනුවට, ඔහුගේ ප්‍රවේශය එදින කෝපන්හේගන්හි අමාලියන්බර්ග් මාලිගයෙන් නිවේදනය කරනු ලැබේ.
ඔහු ඇය වෙනුවට ඩෙන්මාර්කයේ රජු ලෙසත්, ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක්වන එරට මෙන්ම ග්‍රීන්ලන්තයේ සහ ෆාරෝ දූපත්වල රාජ්‍ය නායකයා ලෙසත් පත්කරනු ඇත.
මාග්‍රෙත් රැජින ඩෙන්මාර්කයේ ජනප්‍රිය චරිතයක්වන අතර, බොහෝ අය බලාපොරොත්තු වූයේ ඇය මියයන තුරුම සිංහාසනයේ රැඳී සිටිනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart