December 31, 2023

2024 ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට අවශ්‍ය වැඩකටයුතු සිදුකරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසන බව ‘අද දෙරණ’ පවසයි.

ඒ සඳහා පොදුජන පෙරමුණෙන් තමාට කොන්දේසි 10ක් ඉදිරිපත් කර ඇති බවද ඔහු සඳහන් කර ඇත.

“මම 2024 ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් හැටියට එන්න වැඩ කරමින් ඉන්නේ. පොදුජන පෙරමුණෙන් එන්න මට කොන්දේසි 10ක් දාලා තියෙනවා. පැය 9600යි වැඩ කරන්න තියෙන්නේ. කරන්නේ කොහොමද කියන ප්ලෑන් ටික තමයි හදන්නේ. එහෙන් තමයි ප්‍රසිද්ධ කරන්න ඕනේ කවුද අපේක්ෂකයා කියලා.” යැයි ධම්මික පෙරේරා වැඩිදුරටත් පවසා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ට පනවා ඇති කොන්දේසි 10 පහතින් දැක්වේ.

01. උපාය මාර්ගික ලෙස සන්ධාන ගොඩනැගීමේ හැකියාව

02. අන්තර්ජාතික මට්ටමේ අධ්‍යාපනය

03. ස්මාර්ට් කෘෂිකර්ම මුලපිරීම

04. දිළිඳුකම පිටුදැකීම සහ රැකියා උත්පාදනය

05. ආර්ථික වර්ධනය සහ ආයෝජන ආකර්ෂණය

06. ජීවන වියදම අඩු කිරීම

07. රජයේ ව්‍යාපාර සහ විනිවිදභාවය

08. විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් වැඩිදියුණු කිරීම

09. සංචාරක කර්මාන්තයේ දියුණුව

10. විදේශ විනිමය ස්ථාවරත්වය