
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සහ දකුණු කොරියාව ශ්‍රී ලංකාවේ නව ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති ගවේෂණය කරමින් සිටින බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
MINT පුවත් සේවයට අනුව, මෙම මුලපිරීම, මුල් අවධියේදී පවතින නමුත්, ඉන්දියාව සමග එක්ව නැගෙනහිර ආසියාවෙන් ඔබ්බට සිය ආයෝජන ව්‍යාප්ත කිරීමට දකුණු කොරියාව කැමැත්ත පළකර ඇත.
පසුගිය සැප්තැම්බර් මාසයේ පැවැති G 20 සමුළුවට සමගාමීව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෝල් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී ඉන්දීය-දකුණු කොරියානු සහයෝගීතාව වේගවත්වී තිබේ.
ඔවුන්ගේ සාකච්ඡාවලට, කලාපීය ගැටළු සහ ද්විපාර්ශ්වික විශේෂ උපායමාර්ගික හවුල්කාරිත්වය සමඟ වෙළඳාම, ආයෝජන, ආරක්ෂක හා අර්ධ සන්නායක මෙන්ම බැටරි තාක්ෂණය වැනි උපාය මාර්ගික තාක්ෂණයන් ඇතුලත්ව ඇත.
ඒ අනුව, අනාගතයේදී, ශ්‍රී ලංකාව ඉලක්ක කරගනිමින් සංවර්ධනයේ වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට ඉන්දියාව සහ දකුණු කොරියාව සූදානමින් සිටින බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart