December 29, 2023

මුලතිව්, වලයාන, මඩම් ප්‍රදේශයේ වළලා තිබූ ටී-56 ගිනි අවිවලට යොදන පතුරොම් 4,500ක් පොලිසිය පෙරේදා (27) සොයාගෙන ඇත.

ප්‍රදේශවාසියකු තල් ඇට සිටුවීමට පොළව හාරද්දී පෙට්ටි කිහිපයක් දැක නාවික හමුදා ගෝඨාභය කඳවුරට දැනුම් දී තිබේ.

ඒ අනුව, නාවික හමුදා දැනුම්දීමක් අනුව එම පෙට්ටි පොලිස් භාරයට ගෙන ඇත.

මෙම පතුරොම් අලුත්ම ඒවා විය හැකි බව පොලිසිය පවසයි.

අධිකරණ නියෝගයක් ලබාගෙන මෙම පතුරොම් පෙට්ටි විවෘත කර ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිතය.

මෙම පතුරොම් යුද සමයේ කොටි සංවිධාන වළදැමූ ඒවා බවට පොලිසිය සැකකරයි.(ලංකාදීප)