
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුවන්වැල්ල විවිධ සේවා සමුපකාර සංගමයට නව නිලධාරීන් පත්කර ගැනීම සඳහා පැවැති නිලවරණයේදී සමගි ජනබලවේගයට විශිෂ්ට ජයක් හිමිවී ඇත.
නිලවරණයට එම පක්ෂයෙන් ඉදිරිපත් වූ සියලුදෙනා තේරී පත්ව තිබේ.
මෙකී නිලවරණය පසුගිය 23 සහ 24 දිනවලදී පැවැත්විණි.
වසර 29ක් වාමාංශික පක්ෂවල පාලනය යටතේ පැවැති මෙම සමුපකාරයේ ජය මෙවර සමගි ජන බලවේගයට හිමිවීම විශේෂත්වයකි.
සභාපති ධුරයට දීපසිරි සමන් ජයසිංහ හා උප සභාපති ධුරයට ඒ.ඩී. අනුෂ්ක ප්‍රසාද් යන අය පත්ව ඇත.
අධ්‍යක්ෂ මණ්ඩලයට පත්ව සිටින සෙසු සාමාජිකයන් වන්නේ ජී.ආර්. ප්‍රේමවර්ධන, ඔස්මන්ඩ් රූපසිංහ, ඒ.වී. දුෂ්මන්ත සම්පත්. වී. කේ. මලිඳු තිවංක, එච්.ඒ. අනුරාධි සුභාෂිණී, පී.කේ. සෝමවතී හා ඒ.ඩී. ශ්‍රීමා යන අය යි.
නව සභාපතිවරයා දෙසැම්බර් 27 වැනිදා වැඩ බාර ගනිමින් සඳහන් කර ඇත්තේ, ජනතාවට සහන මිලට භාණ්ඩ සැපයීම මෙන්ම නවීකරණය හා තරකාරිත්වය තුළින් සමුපකාරය වැඩි වැඩියෙන් ජනතාව අතරට ගෙන යෑමට ඉදිරියේදී කටයුතු කරන බවයි.
දූෂණ වංචා අක්‍රමිකතාවලින් තොර ජනතා හිතවාදී පාලනයක් සමුපකාරය තුළ ඇති කරන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart