
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය දා ජනාධිපතිවරයා තම බලය ක්‍රියාත්මක කරමින් ජනාධිපති නීතීඥවරුන් 10 දෙනකු පත්කළේය.
චමන්ත වීරකෝන්, අසංග ගුණවංශ, මොහොමඩ් ඇඩමලි, හර්ෂ ප්‍රනාන්දු, සිවාජි ෆීලික්ස්, ෆයිසා මාකර්, කෞශල්‍ය නවරත්න, උපුල් කුමාරප්පෙරුම, විරාන් කොරයා සහ එරාජ් ද සිල්වා යන නීතිඥවරු එලෙස පත්කෙරිණි.
මෙහිදී, අයැදුම්පත් 174ක් කෙටි ලැයිස්තුගත කිරීම සඳහා හිටපු අගවිනිසුරු සී.ජේ.සිරිපවන්ගේ සහාය ලබා ඇති අතර, අගවිනිසුරුවරයාගේ නිර්දේශය මත මෙම පත්වීම් සිදුකර ඇත.
මෙම සංචිතයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනීසිටි නීතිඥවරුන් 32ක් පමණක් තෝරාගෙන තිබේ.
මූලාශ්‍ර පවසන්නේ අවාසනාවන්ත ලෙස, තේරීම් ක්‍රියාවලිය මගපෙන්වීම්වල 02 සහ 03 වගන්ති යටතේ වැටෙන කොළඹින් පිට ප්‍රදේශවල නීතීඥයන්, අපරාධ නීතීඥයන් සහ අනෙකුත් සුදුසුකම් සහිත නීතීඥයන් නොසළකා හැර ඇති බවයි.
මෙම අංශවලට නීති ක්ෂේත්‍රයට සැළකිව යුතු දායකත්වයක් ලබා දී ඇති නීතිඥයන් සහ නීති ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් රැසක් ඇතුළත් වේ.
(FT)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart