
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි පිරිසිදු කිරීමේ රැකියා ලබාදිය හැකි බවට ෆේස්බුක් ඔස්සේ දැන්වීම් පළකළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම පුද්ගලයා මහනුවරදී අත්අඩංගුවට ගෙන ඇත.
එම කාර්යාංශය අනාවරණ කළේ ඔවුන් උපායමාර්ග සකස්කර සැකකරු මහනුවර නගරයට ගෙන්වාගෙන එහිදී ඔහු අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි විදේශ රැකියා නියෝජිතායතනයක් හරහා රැකියා පිරිනැමීම සිදුකරන බව පවසමින් මේ පිළිබඳ ප්‍රසිද්ධියට පත් කර ඇත.
සැකකරු මහනුවර, අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart