
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමාව දේවගැතිවරයකු ලෙස හඳුන්වාගනු ලබන ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව පවරා ඇති නඩු සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට පොලිසිය ප්‍රමාද වී ඇත්තේ මන්දැයි අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සති දෙකක් ඇතුළත වාර්තා කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ලිඛිතව දැනුම් දී තිබේ.
ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනවල ප්‍රගති වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙසද නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශාමින්ද වික්‍රම හරහා යවන ලද නීතිපතිවරයාගේ ලිපියෙන් සැකකාර “දේවගැතිවරයා” සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවල කැපීපෙනෙන අඩුපාඩු මාලාවක් ද පෙන්වා දී තිබේ.
දේවගැතිවරයකු ලෙස හඳුන්වාගනු ලබන ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සහ නඩු පිළිබඳ තොරතුරු ලබාදීමේදී පොලිසිය අතිශය උදාසීන බව සඳහන් කරන නීතිපතිවරයා, මෙම පරීක්ෂණ වාර්තා ලබාදීමට පොලිසිය දිගින් දිගටම ප්‍රමාද කළහොත් සැකකරු විසින් පොලිසියට එරෙහිව පවරා ඇති නඩුවලදී පොලිසිය වෙනුවෙන් පෙනීසිටීමට නීතිපති දෙපාර්තමේන්තුවට නොහැකි විය හැකි බවට අනතුරු අඟවා තිබේ.
මේ අතර ජෙරොම් ප්‍රනාන්දුට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති සියලුම පෙත්සම් ජනවාරි 04 වැනිදා තෙක් විභාගයට නොගන්නා බැවින්, නත්තල් සහ අලුත් අවුරුදු සමයේ ඔහු තවදුරටත් රිමාන්ඩ් භාරයේ සිටිනු ඇත.(Sunday Times)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart