
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 වසරේ සම්මත කිරීමට අපේක්ෂිත පනත් කෙටුම්පත් 60ක් සමඟින් ව්‍යවස්ථාපිත යාවත්කාලීන කිරීම් ලබන වසරේ ද සිදුකෙරෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ පවසයි.
ඇමැතිවරයාට අනුව, විවිධ ක්ෂේත්‍රවලට අදාළ නීති යාවත්කාලීන කිරීමේ අරමුණින් පසුගිය මාස 15 තුළ පනත් 35ක් සම්මතකර තිබේ.
එම ක්‍රියාවලිය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) විශ්වාසය දිනාගැනීමට ද ඉවහල් වූ බව ඔහු ප්‍රකාශ කළේය.
“නීති යාවත්කාලීන කිරීමට අපි පනත් 35ක් සම්මත කළා. ඊට අමතරව ලබන වසරේ නීති 60කට වඩා සම්මත කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ ප්‍රතිසංස්කරණ හඳුන්වාදුන් නිසා තමයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල අපේ රට විශ්වාස කළේ. ඒ අය අපිට සහයෝගය දීලා මුදල් ලබාදුන් නිසා රට යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් වුණා. එහෙම නොවුණා නම් රට අගාධයකට යන්න තිබුණා.” යැයි ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය.
මාධ්‍ය වෙත ඊයේ (17) අදහස් දක්වමින් ඔහු කියා සිටියේ නීතිය හමුවට යෑමේදී ජනතාව මුදල් ඇතුළු විවිධ දුෂ්කරතාවලට මුහුණ පා සිටින බවයි.
“අපි කතා කරන්නේ නීතියේ ආධිපත්‍යය ගැන, නමුත් නීතිය හමුවට යනවිට මිනිසුන්ට විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවෙනවා. ඔවුන්ට විශාල මුදලක් වැය කිරීමට සිදුවනවා. ඒ නිසා ඔවුන්ට සහයවීමට වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මකයි. නිදසුනක් වශයෙන්, සියලුම උසාවිවල පිහිටා ඇති නීති ආධාර කොමිෂන් සභාවේ කාර්යාල හරහා මිනිසුන්ට එහි සේවාවන් ලබාගත හැකියි.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
ජනතාවට තම ගැටලු සඳහා සාධාරණය ඉටුකර ගැනීම පහසු කරවීමේ වැඩපිළිවෙළේ කොටසක් ලෙස රජය සමථ මණ්ඩල ශක්තිමත් කර ඇති බව ද ඔහු පැවසීය.
“පසුගිය වසරේ පැමිණිලි ලක්ෂයකට වඩා සමථ මණ්ඩලවලට යොමු කළා. ඒවායින් 70%ක් පමණ මේ වනවිට විසඳා තිබෙනවා. මීට පෙර, මුදල් කාරණා සම්බන්ධයෙන් සමථ මණ්ඩලවලට පැමිණිලි යොමුකළ හැකි වුණේ රුපියල් 500,000ක සීමාවකට යටත්වයි. නමුත් අපි එම සීමාව රු. මිලියන 01 ක් දක්වා ඉහළ දැමුවා. මේ සියල්ල හරහා නඩු 70,000ක් පමණ පැවරීම වැළැක්විය හැකි වුණා.”
උතුරු හා නැඟෙනහිර පළාත්වල ඉඩම් සම්බන්ධ ගැටලු විසඳීම සඳහා ඉඩම් සමථ මණ්ඩලය පිහිටුවීම පිළිබඳ සඳහන් කළ ඇමැති රාජපක්ෂ එම වැඩපිළිවෙළ ඉතා සාර්ථක වූ බව පැවසීය.
ඉඩම් සම්බන්ධ ගැටුම් නිරාකරණය කිරීමේදී උතුරු නැඟෙනහිර සමථ මණ්ඩලය ලබා ඇති සාර්ථකත්වය සළකා බලමින් දිස්ත්‍රික්ක වශයෙන් ඉඩම් සමථ මණ්ඩල පිහිටුවීම සිදුකළ බව ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart