
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගණය අසලදී පෙරේදා (12) දහවල් කායවර්ධන උපදේශකවරයකුට වෙඩි තබා ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් ඔහුගේ දිවි බේරී ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි.
වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ වැල්ලම්පිටිය ශ්‍රී ආනන්දාරාම මාවතේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.
එම පුද්ගලයා මිතුරන් කීපදෙනකු හමුවීම සඳහා උමගිලිය ක්‍රීඩාංගණය අසලට පැමිණ සිටියදී කොලොන්නාව දෙස සිට සුදු පැහැති ආරක්ෂක හිස්වැසුම් සහ කළු පැහැති ජැකට් පැළඳ, කළු පැහැති යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ඔහු ඉලක්කකර කළු පැහැති ගිනි අවියකින් වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.
නාඳුනන පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේ සිට දෙවරක් ගිනි අවිය ක්‍රියාත්මක කර ඇතත් එය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඔවුන් යතුරුපැදියෙන් ඔබේසේකරපුර දෙසට පළාගොස් ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වෙඩි ප්‍රහාරයට ලක්වීමට ගිය 31 හැවිරිදි පුද්ගලයාගේ සහෝදරියට මත්ද්‍රව්‍ය ජාවාරමක් හේතුවෙන් පසුගිය 03 වැනිදා සංවිධානාත්මක අපරාධකරුවකුවන කහඳගම දෙනියගෙදර ප්‍රදීප් සඳරුවක් නොහොත් කොලොන්නාවේ චන්දන යන පුද්ගලයා විසින් දුරකතන ඇමතුමක් ලබාදෙමින්, ඇයට සහ පවුලේ අයට මරණ තර්ජනය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart