
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියානු පාර්ලිමේන්තුවට බරපතල තර්ජනයක් එල්ලවන සිදුවීමක් වාර්තාවී ඇත.
පුද්ගලයන් දෙදෙනකු ඉන්දියානු පාර්ලිමේන්තුවට ඇතුළු වී කහ පැහැති දුමාරයක් නිකුත් කර තිබේ.
ඔවුන් මෙසේ ඇතුළු වී ඇත්තේ 2001 වසරේ පාර්ලිමේන්තුවට එල්ල වූ ප්‍රහාරයේදී ජීවිත පරිත්‍යාග කළ මිනිසුන්ගේ සංවත්සර සැමරුම අතරතුරය.
ඔවුන් අමුත්තන්ගේ ගැලරියේ වාඩි වී සිටි අය වේ.
ඔවුන් මේසයෙන් මේසයට පනින අයුරු වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කෙරේ.
සභාව තුළ සිටි මන්ත්‍රීවරු පසුව ජනමාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ, ඔවුන් ‘ඒකාධිපතිත්වය පිළිගන්නේ නැත’ (ටනා ෂාහි නාහි චලේගී) වැනි සටන් පාඨ කියමින් සිටි බවයි.
පාර්ලිමේන්තුවට ඇතුළු වූ දෙදෙනාගේ අනන්‍යතාව තවමත් ආරක්ෂක අංශ විසින් අනාවරණය කර නොමැත.
සභාවේ කටයුතු මෙහෙයවමින් සිටි භාරතීය ජනතා පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජේන්ද්‍ර අගර්වාල් කියා සිටියේ, අමුත්තන්ගේ ගැලරියෙන් එක් අයක් වැටෙනු තමා දුටු බවත්, ඒ සමඟම තවත් මිනිසෙක් මේසය මතට පනිමින් සිටින බවත්ය.
”ඔවුන්ගෙන් එක් අයෙක් ඔහුගේ සපත්තුවෙන් දුම පිට කරන යමක් එළියට ගත්තා. ආරක්ෂක නිලධාරීන් ඔවුන්ව අල්ලාගත් අතර, ඔවුන් කවුරුන්ද, ඔවුන්ගේ අරමුණ කුමක්ද සහ ඔවුන් සම්බන්ධ වන්නේ කුමන සංවිධානයකටද යන්න සොයාබැලිය යුතුය.” ඔහු වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart