
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුසියාව, චීනය, ඩෙන්මාර්කය සහ එක්සත් ජනපදය වැනි රටවල සංවිධාන න්‍යෂ්ටික බලශක්ති සඳහා ආයෝජනය කිරීමට යෝජනා කිරීමත් සමඟ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය (SLAEA) න්‍යෂ්ටික බලය සඳහා කොළ එළියක් ලබා දී ඇති බව වාර්තා වේ.
කලාපයේ බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ න්‍යෂ්ටික බලශක්ති උත්පාදනය සඳහා දැනටමත් ආයෝජනය කර ඇති රුසියාව ශ්‍රී ලංකාවේ බලාගාරයක් පිහිටුවීමට දැඩි උනන්දුවක් දක්වයි.
මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි රුසියාවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ යෝජිත සහයෝගීතාව පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය S.R.D. රෝසා ඩේලි මිරර් වෙත පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ අක්වෙරළ හෝ වෙරළාසන්න න්‍යෂ්ටික බලාගාරයක් සංවර්ධනය කිරීම සඳහා වන රුසියානු යෝජනාව සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය පිළිබඳව නියෝජිත පිරිසට කරුණු දැක්වූ බවයි.
ශ්‍රී ලංකාවේ බලශක්ති මිශ්‍රණය වැඩි කිරීම සඳහා න්‍යෂ්ටික බලය සඳහා තම කාර්යාලය මූලික වශයෙන් අනුමැතිය ලබා දී ඇති බවත්, එය විදේශ අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා යවා ඇති බවත් ඔහු පවසා ඇත.
“අපට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැක්කේ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර අන්තර් රාජ්‍ය ගිවිසුම (IGA) අත්සන් කළහොත් පමණයි. ඒ වෙනුවෙන් දැන් අපි බලාගෙන ඉන්නවා” යැයි ඔහු සඳහන් කර තිබේ.
කෙසේවෙතත්, ඇමරිකානු ඩොලර් බිලියන 02 කට වඩා වැඩි මුදලක් වැයකිරීමට අපේක්ෂිත ව්‍යාපෘතියේ මූල්‍ය ආකෘතිය තවමත් සාකච්ඡා කර නොමැත.
වෙනත් රටවල යෝජනා පිළිබඳව අදහස් දක්වමින් සභාපතිවරයා පවසා ඇත්තේ, චීන නියෝජිත පිරිසක්ද පරමාණුක බලශක්ති අධිකාරිය සමඟ මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart