
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුව විසින් , ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්තයට ලබා දී තිබූ සුවිශේෂි තත්වය අහෝසි කිරීමට 2019 වර්ෂයේ අගොස්තු 06 වනදා ගත් තීරණය නීත්‍යානුකූල එකක් බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
අගවිනිසුරු ඩී වයි චන්ද්‍රචුද් ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ නඩු විභාගය වසර ගණනාවක් පැවති අතර අද දිනයේ දී ඒ සම්බන්ධයෙන් ඔවුන් විසින් එකිනෙකට වෙනස් නඩු තීන්දු තුනක් ලබාදෙන ලදී.
කෙසේවෙතත් අදාළ නඩු තීන්දු තුනම මගින් ජම්මු කාශ්මීරය ඉන්දියාවේ සෙසු ප්‍රාන්තයක් හා සමාන මට්ටමට ගෙන එමින් ඉන්දීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තිය අහෝසි කිරීමට ගෙන තිබූ තීරණය නීත්‍යානුකූල බව ප්‍රකාශ කෙරීණ.
විනිසුරුවරුන් තීරණය කර තිබුණේ 370 තාවකාලික වගන්තියක් බවත් ජම්මු කාශ්මීරය විසින් අදාළ වගන්තිය මගින් ඉන්දියාවට සම්බන්ධ වන විට එය ස්වෛරීභාවයක් භුක්ති නොවිදි බවත්ය.
ඒ අනුව , ඉන්දියාවේ සෙසු ප්‍රාන්ත පරිදිම ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ මැතිවරණය පැවැත්විය යුතු බවත් එය ලබන වසරේ සැප්තැම්බර් 30 වනදාට පෙර පැවැත්විය යුතු බවත් අධිකරණය සිය නියෝගය මගින් අවධාරණය කර තිබිණ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart