
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රා පළවාහැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී ඉන්දීය ධීවරයින් 21 දෙනකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
මන්නාරම සහ කන්කසන්තුරේ කෝවිලන් ප්‍රදේශයට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 21 දෙනකු සමඟ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 04ක් අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීතිවිරෝධී මසුන් ඇල්ලීමේ යෙදී සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පොකුරක් පළවාහැරීම සඳහා උතුරුමැද නාවික විධානය සහ උතුරු නාවික විධානය ඔවුන්ගේ වේග ප්‍රහාරක යාත්‍රාව සහ වෙරළ මුර යාත්‍රා යොදවා තිබේ.
මෙම මෙහෙයුම්වලදී උතුරු මැද නාවික විධානය විසින් ඉන්දීය ධීවරයින් 08 දෙනකු සමඟ මන්නාරමට ඔබ්බෙන් වූ දූපත් මුහුදු ප්‍රදේශයේ දිගටම රැඳී සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් රඳවා ගෙන ඇත.
එසේම කන්කසන්තුරේ, කෝවිලන් ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 13 දෙනකු සමඟ ඉන්දීය ධීවර යාත්‍රා 03ක් උතුරු නාවික විධානය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් සහ ධීවර යාත්‍රා තලෙයිමන්නාරම තොටුපොළ සහ කන්කසන්තුරේ වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම සහ යාපනය ධීවර පරීක්ෂකවරුන් වෙත භාරදීමට නියමිතය.
මේ අතර, 2023 වසරේ මේ දක්වා ඉන්දීය ධීවර යාත්‍රා 31ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන්දීය ධීවරයින් 195 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.
අනතුරුව නීතිමය කටයුතු සඳහා එම ධීවර යාත්‍රා සහ ධීවරයින් අදාළ බලධාරීන් වෙත භාරදීමට කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart