
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශ රටක සැගවී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන මාතර කල්පගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කුඩු ධනූ යන අන්වර්ථ නාමයෙන් හදුන් වන කාන්තාව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකකට අධික ප්‍රමාණයක් සහ මුදල් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
වැල්ලම්පිටිය අංගොඩ කුඩා බුත්ගමුව ප්‍රදේශයේ ඊයේ සිදුකළ වැටළීමකදී වසන්ත කුමාර ධනුෂිකා නොහොත් කුඩු ධනූ යන කාන්තාව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 50 ක් සමග මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද රුපියල් 12,000.00 ක් හා ජංගම දුරකථනයක් ද අදාළ කාන්තාව සතුව තිබී ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart