
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බිළිඳු ඝාතනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් සම්බන්ධයෙන් එරට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා සඳහන් කරයි.
එම ශ්‍රී ලාංකික කාන්තාව අත්අඩංගුවට ගත් බව මාලදිවයින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක යූනුස් සෝබා පවසා ඇත.
වාර්තා වන අන්දමට, අදාළ කාන්තාව රහසේ ප්‍රසූත කර අලුත උපන් බිළිඳා බෑගයක් තුළ දමාගෙන ගොස් ඇති අතර, පසුව එම බෑගය කුණු කන්දක තිබී හමුව තිබේ.
සොයාගන්නා විට ළදරුවා ඒ වන විටත් මියගොස් ඇති බව වෛද්‍යවරුන් පවසා ඇත.
මෙම තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් පොලිසිය කඩිනම් ක්‍රියාමාර්ග ගෙන එම කාන්තාව ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැන යෑමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart