
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන, දැනට කොළම රිමාන්ඩ් බන්ධනාගාරතව සිටින සුවන්දා හෙන්නදිගේ සමීර නිශාන්ත යන අයගෙ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයා කොකේන් මත්ද්‍රව්‍ය හා උන්ඩියල් ආකාරයට හුවමාරු කරගන්නා ලද අමෙරිකානු ඩොලර් 9,400 ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව ඇත.
විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.12.02 වන දින මරදාන පොලිස් වසමේ ඩින්ස් පාරේ, CARAVAN FRESH වෙළද සැල ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 ක් සන්තකයේ තබාගෙන කාර් රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි මරදාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදල් රුපියල් 164,500.00 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගෙන උන්ඩියල් ආකාරයට හුවමාරු කරගන්නා ලද අමෙරිකානු ඩොලර් 9,400 ක් හා ජංගම දුරකථන 02 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත.
මොහුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේ දී මෙම පුද්ගලයා දැනට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමක් සම්බන්ධව අත්අඩංගුවට පත්ව කොළඹ රීමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින සුවාන්දා හෙන්නදිගේ සමීර් නිශාන්ත යන අයගේ මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධානතම සාමාජිකයකු බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart