
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට අනුයුක්තව සේවය කළ කැමරා ශිල්පියකු වේයන්ගොඩ කටුවස්ගොඩ ප්රදේශයේදී ඝාතනය කර තිබියදී සොයාගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ මහේෂ් ගුණසිංහ නම් පුද්ගලයෙකි.
වාර්තා වන අන්දමට මියගිය පුද්ගලයා අත්තනගල්ල ප්රදේශයේ පදිංචි දෙදරු පියෙකි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා කැපුම් තුවාල සහිතව සොයාගෙන ඇති අතර ඔහු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙය තියුණු ආයුධයකින් පහරදී සිදුකළ ඝාතනයක් බවට සැකකෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart