
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුරාසල් විවෘතව තබන වේලාව සංශෝධනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
ඇමැතිවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළ සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති බවයි.
සුරා සම්බන්ධයෙන් රට තුළ පවතින ඇතැම් නීති ද ජනතාව නීති විරෝධී මධ්‍යසාර වෙත යොමුකිරීමට පොළඹවන බව හෙතෙම පෙන්වාදෙයි.
ශ්‍රී ලංකා සුරා බදු නිලධාරීන්ගේ සංගමයේ 23 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට එක් වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
නීත්‍යානුකුල නොවන සුරා වර්ධනය පිළිබඳ අදහස් දක්වමින් ඇමැතිවරයා කියාසිටියේ වසර 20ක කාලය තුළ නීත්‍යානුකූල සුරා 50%කින් වර්ධනය වෙද්දී නීතිවිරෝධී සුරා වර්ධනය 500% ඉහළ අගයක පවතින බවයි.
මෙම තත්ත්වය මර්දනය කිරීම සඳහා සුරා සල් ව්‍යාප්තිය ද හේතුවක් වන බව ඇමැතිවරයා සඳහන් කරයි.
මහනුවර දිස්ත්‍රික්කයේ සෑම පුද්ගලයන් 6,000කටම එක් සුරාසලක් පවතිද්දී, මුලතිව් දිස්ත්‍රික්කයේ එක් සුරාසැලක් පවතින්නේ පුද්ගලයන් 990,000කට බව පෙන්වා දුන් ඇමැතිවරයා, ඇතැම් ප්‍රදේශවලට කිලෝ මීටර් 80ක පමණ ගෙවා සුරාසැලක් වෙත යා යුතු බව ද ඇමැතිවරයා පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart