
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින සමඟ 2024 දී විවිධ මට්ටම්වල මැතිවරණ සඳහා සූදානම් වන දකුණු ආසියාතික රටවල් අතර ශ්‍රී ලංකාව ද සිටින බව එක්සත් රාජධානියේ රජය පවසයි.
දකුණු ආසියාතික රටවල මැතිවරණය පිළිබඳව එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ ලිඛිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාල රාජ්‍ය ඇමැති ඈන් මාරි ට්රේවෙලියන් ප්‍රකාශ කර ඇත්තේ, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, භූතානය සහ මාලදිවයින යන රටවල් සියල්ලම 2024 දී විවිධ මට්ටම්වල මැතිවරණ පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.
“එක්සත් රාජධානිය විශ්වාස කරන්නේ විනිවිද පෙනෙන, ප්රජාතන්ත්රවාදී පාලනයක් සියලු මිනිසුන්ගේ අවශ්‍යතා සහ සෑම ජාතියකම දිගුකාලීන ස්ථාවරත්වය සඳහා උපකාර වන බවයි. දකුණු ආසියාතික රජයන් සමඟත්, විරුද්ධ පක්ෂ සහ අනෙකුත් අය සමඟත් අපි කරන සාකච්ඡාවලදී නිදහස් හා සාධාරණ මැතිවරණවල වැදගත්කම අපි මතු කරනවා,” රාජ්‍ය ඇමැතිවරිය ප්‍රකාශ කර ඇත.
මැතිවරණ කටයුතු අතරතුර සිවිල් සමාජයට, මාධ්‍යවලට සහ විරුද්ධ පක්ෂවලට හිරිහැර කිරීම් සහ බිය ගැන්වීම් නතර කරන ලෙසද එක්සත් රාජධානිය අදාළ රටවලින් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart