
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොටි සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ ඡායාරූපය සහිත ටී ෂර්ට් එකක් පැළඳ ජනතාව අතර සිටි පුද්ගලයකු යාපනයේදී අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් එම තැනැත්තාව කොඩිගාමම් පොලිසිය වෙත
පෙරේදා (28) භාර දී තිබේ.
ඔහු යාපනයේ කොඩිගාමම් අයියනාර් කෝවිල අසල පැවති මහවිරු සැමරුම් උළෙලකට සහභාගීවීම සඳහා එම ටී ෂර්ට් එක ඇඳගෙන ගොස් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
එම ටී ෂර්ටයේ ප්රභාකරන්ගේ ඡායාරූපයට යටින් කොටි සංවිධානයේ අදහස් පිළිබිඹු කෙරෙන වැකියක්ද ලියා තිබූ බව කොඩිගාමම් පොලිසිය ප්රකාශ කරයි.
තහනම් සංවිධානයක නායකයාගේ ඡායාරූපය මහජනතාව ගැවසෙන ස්ථානයක ප්රදර්ශනය කරමින් කොටි සංවිධානයේ අදහස් ජනතාව අතරට රැගෙන යෑමට උත්සහ කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන තිබේ.
කොඩිගාමම් පොලිසිය ඔහුව චාවකච්චේරි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart