
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැබිනට් මණ්ඩලයේදී ගන්නා ලද තීරණයක් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ප්‍රශ්න කිරීමට හැකියාව තිබේදැයි ජනාධිපති කාර්යාලය නීතිපතිවරයාගෙන් කරුණු විමසා ඇත.
අයවැය විවාදයේදී ඇතැම් මන්ත්‍රීවරුන් වරප්‍රසාද ප්‍රශ්න ලෙස ඇමැති මණ්ඩල තීරණ අභියෝගයට ලක්කරන බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් කළ පැමිණිලි සැලකිල්ලට ගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉහත කරුණු නීතිපතිවරයාගෙන් විමසන ලෙස ජනාධිපති කාර්යාලයට දැනුම් දී තිබේ.
එවැනි වරප්‍රසාද ප්‍රශ්න මතු කිරීම පාර් ලිමේන්තු වරප්‍රසාද අයථා ලෙස භාවිත කිරීමක් දැයි දැනුම් දෙන ලෙස ජනාධිපති කාර් යාලය නීතිපතිවරයාගෙන් කළ විමසීමේ සඳහන්ය.
කැබිනට් මණ්ඩලයේදී ගන්නා ලද තීරණ සම්බන්ධයෙන් මෙන්ම ජනාධිපතිවරයා සහ විනිසුරුවරුන් ඈඳාගනිමින් පාර් ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්න නැගීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද ජනාධිපති කාර් යාලය නීතිපතිවරයාගෙන් කරුණු විමසා ඇත. (දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart