
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියර (IV) යටතේ මෙරට වතුකරයේ නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා වැදගත් ගිවිසුම් දෙකකට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අත්සන් තබා ඇත.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනයන් වන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (NHDA) සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව (SEC) සමඟ ඊයේ (28) අත්සන් කරන ලද ගිවිසුම් ප්‍රකාරව නිවාස ඉදිකිරීම් කඩිනමින් ක්‍රියාත්මක කිරීම අරමුණු කර ගෙන තිබේ.
උපදේශක සහ සංවර්ධන සහයෝගිතා අංශයේ ප්‍රධානී එල්ඩෝස් මැතිව් පුන්නූස්, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති රත්නසිරි කළුපහන සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී කංකානමලගේ අජන්ත ජානක මෙම ගිවිසුම් දෙකට අත්සන් තබා ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත්තේ, ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ IV අදියර මෙරට දිස්ත්‍රික්ක 11ක් සහ පළාත් 6ක් පුරා පැතිරී ඇති බවයි.
ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය යටතේ ඉන්දීය රජයේ සමස්ත දායකත්වය මේ වනවිට නිවාස 60,000 කි.
පළමු අදියර දෙකේදී උතුර සහ නැගෙනහිර පළාත්වල නිවාස 46,000ක් නිම කර ඇති අතර, තුන්වැනි අදියර යටතේ වතුකරයේ නිවාස 4,000ක් ඉදිකිරීමේ කටයුතු අවසන් වෙමින් පවතී.
ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ ජනතා කේන්ද්‍රීය සංවර්ධන සහයෝගිතා හවුල්කාරිත්වය තුළ නිවාස කෙරෙහි අවධානය යොමු වන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පවසයි.
ඉන්දියානු නිවාස ව්‍යාපෘතියෙන් ඔබ්බට විවිධ නිවාස ව්‍යාපෘති යටතේ මෙරට දිස්ත්‍රික්ක 25 පුරා නිවාස 2,400ක් ඉදිවෙමින් පවතී.
ඉන්දියාවේ සංවර්ධන සහයෝගිතාව ඩොලර් බිලියන 05ක් පමණ වන අතර, එහි ඩොලර් මිලියන 600කට ආසන්න ප්‍රදානයන් පවතින බව මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart