
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පිහිටි මහනුවර දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු කාර්යාලය වෙත විදුලි සෝපානයෙන් යමින් සිටියදී එය හදිසියේ අක්රිය වීම නිසා විනාඩි 25කට ආසන්න කාලයක් එහි සිරවී සිටි එම කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්රී ගුණතිලක රාජපක්ෂ හා ඔහුගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා එම කාර්යාලයේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් විසින් මහත් පරිශ්රමයක් දරා පිටතට රැගෙන තිබේ.
මහජන දිනය නිමිත්තෙන් මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දෙවැනි මහලේ පිහිටි සම්බන්ධීකරණ කමිතු කාර්යාලය වෙත යමින් සිටියදී තමන් මෙම අකරතැබ්බයට මුහුණ දුන් බවත්, සිරවී සිටි කාලය තුළ විශාල වශයෙන් දහඩිය දමා ශරීරය උණුසුම්ව තමා දැඩි අපහසුතාවට පත් වූ බවත්, මන්ත්රීවරයා පවසයි.
විදුලි සෝපානය අක්රිය වූ අවස්ථාවක හදිසි දැනුම්දීමක් කිරීම සඳහා ඇති බොත්තමද ක්රියානොකිරීම නිසා තමන් ඇතුළු පිරිස අසරණ තත්ත්වයකට පත් වූ අතර, මේ සම්බන්ධයෙන් මහනුවර දිස්ත්රික් ලේකම් චන්දන තෙන්නකෝන් දැනුවත් කළ බව ද මන්ත්රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart