
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මසකට ආසන්න කාලයක් තුළ කළ මෙහෙයුමකින් පසු පොලිස් වසම් පහක කාන්තාවන්ගේ ගෙලබැඳි රන්මාල, යතුරුපැදිවලින් ගොස් කොල්ලකෑ පස්දෙනකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලිය ලක්‍ෂ 21ක් වටිනා රන්මාල, රන්ගුළි, පෙන්ඩන්, යතුරුපැදි, හෙල්මට්, ජංගම දුරකථන සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාසය පවසයි.
පින්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙලබැඳි රන්මාලයක් කොල්ලකා පළාගොස් සිටි හොරණ ප්‍රදේශයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන කළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසු අනෙක් සැකකරුවන් සිවුදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන්ගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසු කොල්ලකෑම් සඳහා යොදාගත් යතුරුපැදි 02ක්, හෙල්මට් 02ක්, ජංගම දුරකථන 03ක්, රන්මාල 04ක්, රන්ගුළි 02ක් සහ පෙන්ඩනයක් සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
හොරණ, දෙහිවල, වෑකඩ, පින්වත්ත සහ පිංවල ප්‍රදේශයේ පදිංචි 28, 30, 35, 39 සහ 53 වියැති පුද්ගලයන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
සැකකරුවන් කළුතර සහ පානදුර මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart