
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග 05කින් යුත් පන්දුවාර 20 තරගාවලියේ පළමු තරග කඩුලු 2කින් ජයගැනීමට ඉන්දියාව ඊයේ සමත්විය.
විශාකාපට්නම්හි පැවති පළමු තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 208ක් රැස්කළේය.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ජොෂ් ඉංග්ලිස් පන්දු 50කදි ලකුණු 110ක් රැස්කළේ හයේ පහර 08ක් හා හතරේ පහර 11ක් ලබා ගනිමිනි.
මෙම තරගයේ ආරම්භක පිතිකරුවකු ලෙස පිටියට පිවිසි ස්ටිව් ස්මිත් ලකුණු 52ක් රැස්කරන ලදි.
ඉන්දියාව වෙනුවෙන් ප්‍රසිද් ක්‍රීෂ්ණා සහ රවි බිසෝනි එක් කඩුල්ල බැගින් ලබා ගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුලු 08ට ලකුණු 209ක් ලබා ගනිමින් තරගය ජයගත්තේ ලොව අංක 01 පන්දුවාර 20 පිතිකරු මෙන්ම පළමුවරට නායකත්වය හිමිවූ සූර්ය කුමාර් යාදව් දියත් කළ සුපිරි පිතිහරඹය හේතුවෙනි.
ඔහු පන්දු 42කදී හයේ පහර 4ක් සහ හතරේ 09ක් සමගින් ලකුණු 80ක් ලබා ගත් අතර ඉෂන් කිෂන් හයේ පහර 05ක් සමගින් ලකුණු 58ක් රැස්කළේය.
ඔහුගේ ඉනිමට 4 පහර 2ක්ද ඇතුළත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart