
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ණය ගැටලුවට විසඳුම් සෙවීමේදී චීනය අනෙකුත් ණය හිමියන්ට වඩා වෙනස් අයුරින් කටයුතු කිරීම හේතුවෙන් ‘ජීවිතය දුෂ්කර වී ඇති’ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.
ඉන්දියාවේ ෆස්ට්පෝස්ට් ජනමාධ්‍ය ආයතනය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී අදහස් දක්වමින් ජනපති වික්‍රමසිංහ කියාසිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් කැලෑවෙන් පිටතට පැමිණ නොමැති බවයි.
ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියා චීනය බව සඳහන් කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව චීනය සමග සිය ණය පිළිබඳව සාකච්ඡා කරන බව පෙන්වාදුන්නේය.
“චීනය වෙනම ඉන්නවා, අපි ඔවුන් සමඟ වෙනම සාකච්ඡා කරනවා. මේකට ශ්‍රී ලංකාව හෝ වෙනත් කිසිම රටක් සම්බන්ධ නැහැ. IMF සහ ලෝක බැංකුවෙන් ඔවුන් ලබාගන්නා කොන්දේසි ගැන ඔවුන් සෑහීමකට පත්වෙන්නේ නැහැ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විශාල කාර්යභාරයක් ඉටු කිරීමට තිබෙන නිසා ඔවුන් එයින් ඉවත් වීමට තීරණය කර, ඔවුන් වෙනම යනවා. එය ණය වී සිටින අප සැමගේ ජීවිතය වඩාත් දුෂ්කර කරනවා.” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart