
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ Firstpost ජනමාධ්‍ය ආයතනයේ ජනමාධ්‍යවේදිනී පල්කි ශර්මා සමඟ විශේෂ සංවාදයකදී කියාසිටියේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන්නේ නැති බවයි.
හිටපු ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග, ජේ ෂා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කරන බවට එල්ල කළ චෝදනා මේ වන විට ඉන්දියාවේද ආන්දෝලනයක් ඇතිකර තිබේ.
එම ප්‍රකාශය ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්ම සමාව අයැදීමක් සිදුකිරීම දක්වා දුරදිග ගෙනගොස් තිබේ.
“ජේ ෂා ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන්නේ නැහැ. ඔවුන් සිතන්නේ ජේ ෂා ක්‍රිකට් පාලක මණ්ඩලයට සහාය දෙන බවයි. නමුත් මම ජේ ෂාට කතා කර, ඔහුගේ නම මීට සම්බන්ධ කරගැනීම පිළිබඳව කණගාටුව ප්‍රකාශ කළා.” යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ICC විසින් අත්හිටුවීමෙන් දිනකට පසු රණතුංග මෙම අදහස් දක්වා තිබිණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඇඟිලි ගැසීමට ඇමැතිවරයාට පවතින බලතල ඉවත් කෙරෙන ආකාරයෙන් නීති සැකසීම තම අරමුණ බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart