
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ තල් වගාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් වැවිලි කර්මාන්ත හා කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ඩිවී ගුස්ටිනා ටෝබිංගේ (Dewi Gustina Tobing) ප්‍රධානත්වයෙන් පෙරේදා (20) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී තානාපතිවරිය සඳහන් කර ඇත්තේ, තල් වගාවට උනන්දුවක් ඇත්නම් ඒ සඳහා විශාල ආයෝජනයක් කළ හැකි බවයි.
දැනට ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර තල් වගාව සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් ඇති වී තිබේ.
එම ගිවිසුම යටතේ තල් වගාවට අදාළ නිෂ්පාදන ශ්‍රී ලංකාවෙන් මිලදී ගැනීමට ඉන්දුනීසියානු රජය එකඟ වී ඇති අතර, මෙරට තල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා රුපියල් බිලියන 4.5ක ආයෝජනයක් කිරීමට තමන් සූදානම් බව තානාපතිවරිය ප්‍රකාශ කර ඇත.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් අධ්‍යයනයක් ආරම්භ කර ඇති බවත්, එම අධ්‍යයන වාර්තාවෙන් පසුව ඒ ගැන අවධානය යොමු කරන බවත්, ඇමැතිවරයා පවසයි.
මීට දශක කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ තල් වගාව ආරම්භ කළද ඇතැම් පාර්ශ්වවල විරෝධතා හේතුවෙන් තල් වගාව ප්‍රවර්ධනය කිරීම අත්හිටුවා තිබුණි.
එකල ඇතිකරගත් එකඟතාවන්ට අනුව අක්කර 20,000ක තල් වගාව සැලසුම් කළ නමුත් දැනට තල් වගාව ව්‍යාප්ත වී ඇත්තේ අක්කර 11,000කට පමණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart