
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගියදා යාපනය වඩ්ඩුකෝට්ටෙයි පොලිස් භාරයේ සිටියදී 26 හැවිරිදි තරුණයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම තරුණයාගේ සිරුරේ තුවාල පැවැති බවත්, වකුගඩු ක්‍රියාකාරිත්වය අවහිරවී මරණය සිදුව ඇති බවත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත.
නිවෙසකින් රුපියල් ලක්ෂ 10ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ තවත් සැකකරුවකු මෙම මස මුලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් නොවැම්බර් 11 වැනිදා නාගකර්නි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
වින්දිතයා බන්ධනාගාරයේ සිටියදී හදිසියේ රෝගාතුර වී ප්‍රතිකාර ලබාදී නැවත බන්ධනාගාරයට රැගෙන ආ නමුත් යළි අසනීප වී නොවැම්බර් 19 වැනිදා යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලිසිය කියයි.
තරුණයාගේ මරණය සම්බන්ධයෙන් යාපනය බන්ධනාගාරයේ නිලධාරියකු යාපනය පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart