
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වලත්තෑවේ රාහුල නමැති භික්ෂුවක් විසින් අනුරාධපුර මාකොළගොමුව ප්‍රදේශයේ අක්කර 4500ක පමණ ප්‍රදේශයක් කොටුකරගෙන සිදුකරන වන විනාශය වැලැක්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වනජීවී දෙපාර්තමේන්තුවට ඊයේ නියෝග කළේය.
අදාළ භික්ෂුව විසින් මෙම භුමි ප්‍රදේශය වටා ඉදිරිකර ඇති අලිවැට වහාම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය වැඩිදුරටත් නියෝග ලබාදුන්නේය.
පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනු ලැබූ අවස්ථාවේදී මෙසේ නියෝග කර ඇත.
මෙම පෙත්සම මර්දු ප්‍රනාන්දු, එස් තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනිණි.
අදාළ ඉඩම් පුරාවිද්‍යා පනත යටතට වැටෙන ඉඩමක් බැවින් මෙලෙස නීති විරෝධී අලි වැටවල් ඉදිකිරීම් සහ කැලෑ එළිපෙහෙළි කිරීම නීතියට පටහැනි බව සඳහන් කරමින් එම ක්‍රියා නවතා දමන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම් ගොනුකර ඇත.
මෙම පෙන්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වන සංරක්ෂණ අධ්යක්ෂ ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටියි.
පෙත්සම්කාර ආයතනය වෙනුවෙන් ආචාර්ය නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ පෙනී සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart