November 20, 2023

දුම්රියේ පා පුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු තාප්පයක ගැටීමෙන් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසල තාප්පයක ගැටීමෙන් ඔවුන් මෙළෙස තුවාල ලබා ඇත.

සිද්ධිය වන අවස්ථාවේ එම දුම්රිය කොළඹ කොටුවේ සිට පානදුර දක්වා ධාවනය වී තිබේ.

තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.