November 20, 2023

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය දෙසැම්බර් 10 වැනිදාට නියම කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව දෙසැම්බර් 10 ඉරිදා පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තුව කැඳවනු ඇත.