
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පවුල් සෞඛ්‍ය කාර්යාංශයට අනුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ නව යොවුන් මව්වරුන් 2,087ක් පමණ වාර්තා වූ බව රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
සංක්‍රමණික මව්වරුන්, පවුල් සංස්ථාව බිඳ වැටීම, ලිංගික අධ්‍යාපනය නොමැතිකම, මව්පියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, මව්පියන් දෙදෙනාම රැකියාවල නිරත වීම සහ දරුවන් අතර ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය ඉහළ යෑම වැනි කරුණු නිසා යොවුන් වියේ මව්වරුන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමට හේතු වී ඇති බව ඇය පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ, ශ්‍රී ලංකාව තුළ තනි මාපිය පවුල් 89,164ක් පමණ සිටින බවත්, ඊට ළමුන් 124,482ක් ඇතුළත් බවත්ය.
මෙම ගැටලුව විසඳීම සඳහා රජය විසින් වින්දිත දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් සහ නීති ආධාර ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් දියත් කර ඇති බව ඇමැතිනිය වැඩිදුරටත් පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart