
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරයාගේ මාධ්‍ය කණ්ඩායමේ සේවය කළ කිහිපදෙනකු රට හැරගොස් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
ජනාධිපතිවරයා සමඟ විදේශගත වූ ජනාධිපති මාධ්‍ය කණ්ඩායමේ කිහිපදෙනකු නැවත පැමිණ එම වීසා බලපත්‍රයම භාවිත කර රටින් පිටව ගොස් ඇති බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ මාධ්‍ය කණ්ඩායමේ සාමාජිකයන්ටද රටේ ගමන්මග ගැන විශ්වාසයක් නොමැති නම්, රටේ සෙසු ජනතාව ගැන කවර කතාද යන්න ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කළේය.
දැනට රට හැර ගොස් සිටින පුද්ගලයන් පිළිබඳ අවශ්‍ය තොරතුරු තමන් සතුව ඇති බව ප්‍රකාශ කළ විපක්ෂ නායකවරයා, කෙසේවෙතත් සදාචාර විරෝධී බැවින් එම නම් හෙළි නොකරන බවද ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart