
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමන්තභද්‍ර භික්ෂුව පවත්වාගෙන යන ‘උමන්දාව’ නම් පරිශ්‍රයේ ඉදිකර ඇති මහෝෂධ රෝහල සහ සුවතා මධ්‍යස්ථානයේ පළමු අදියර හෙට රජයට පවරාදෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඊට අදාළ උත්සවය හෙට කුරුණෑගල, උමන්දාව පරිශ්‍රයේ පැවැත්වෙන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන, ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ යන අය සහභාගී වීමට නියමිතය.
සමන්තභද්‍ර භික්ෂුව ත්‍රිපිටකය සහ බුද්ධ චරිතය විකෘති කරමින් දේශනා කිරීම සම්බන්ධයෙන් මල්වතු පාර්ශ්වයේ මහානායක හිමිවරුන්ගේ හා කාරක මහා සංඝ සභාවේ දැඩි විවේචනයට ලක්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart