November 16, 2023

2024 සඳහා ඉදිරිපත් කර ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අයවැය පරාජය කිරීමට පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අදහසක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

නොවැම්බර් 15 වැනි බදාදා ශ්‍රී දළදා මාලිගාවේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව ජනමාධ්‍යවේදීන් අමතමින් හෙතෙම ප්‍රකාශ කළේ, අයවැයේ සුළු සුළු අඩුපාඩු තිබිය හැකි නමුත් එය සාමාන්‍යයෙන් ධනාත්මක බවයි.

“ඔව්. අපි එකට ඉන්නකොට පොඩි පොඩි අඩු පාඩු ටිකක් එක්ක එකතු වෙලා යන ගමනක් තියෙනවා.” යැයි අයවැය හොඳ යැයි සිතන්නේ දැයි ජනමාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට ඔහු පිළිතුරු දෙමින් සඳහන් කළේය.