
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශීය යුද නැව්, හමුදා ගුවන් යානා සහ පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබා දීම සඳහා වන සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියේ යාවත්කාලීන සංස්කරණයක් පසුගිය සතියේ ඇමැති මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
එය ඉදිරි සතිවලදී කොළඹ විදේශ දූත මණ්ඩල සඳහා ලබා දීමට අපේක්ෂා කෙරේ.
විදේශ කටයුතු ඇමැති අලි සබ්රි සඳහන් සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියේ යාවත්කාලීන සංස්කරණයට පසුගිය සතියේ (6) ඇමැති මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බවයි.
“පසුගිය කැබිනට් රැස්වීමේදී ඒකට අනුමැතිය ලැබුණා. ක්‍රියා පටිපාටිය සහ කොළඹ දූත මණ්ඩල සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ වූ සියලුම රටවලට අපි එය සන්නිවේදනය කරනවා. එය ඉක්මනින් සිදු වෙයි, ” යනුවෙන් අලි සබ්රි සඳහන් කළද ඔහු ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෙළි නොකළේය.
පසුගිය වසරේ යුවාන් වැන්ග් 5 නෞකාවේ සංචාරයෙන් පසු ඉන්දියාව, එක්සත් ජනපදය සහ අනෙකුත් රටවල් විසින් චීන පර්යේෂණ නැව් සංචාරය කිරීම පිළිබඳ මතු කළ කනස්සල්ලෙන් පසුව, චීන පර්යේෂණ නැව් හෝ එවැනි නව මගින් කරන සමීක්ෂණවල දත්ත යුදමය යෙදුම් සමඟ ‘ද්විත්ව අරමුණු’ ලෙස භාවිත කරනු ඇති බවටත් ‘ඔත්තු බැලීමක්’ ලෙස සලකන චීන පර්යේෂණ යාත්‍රාවල සංචාරයන් වළක්වන ලෙසත් ඇතැම් රටවල් ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් එල්ලකළේය.
ශ්‍රී ලංකාව සිය සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියේ මෙම සමාලෝචනය සිදුකරන්නේ යුවාන් වැන්ග් 5 නෞකාවේ සංචාරයෙන් පසුවයි.
දකුණු චීන මුහුදේ සාගර විද්‍යා ආයතනයේ මතභේදාත්මක චීන භූ භෞතික හා භූ කම්පන විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාවක් වන ෂී යැන් 6 නෞකාව සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයඔක්තෝබර් 30 සහ 31 යන දිනයන්හිදී සිදු කරන ලද දෙදින ඒකාබද්ධ සමීක්ෂණයෙන් පසුව යාවත්කාලීන කරන ලද සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය, මෑතකදී ජාතික ආරක්ෂක කවුන්සිලයේදී ද සාකච්ඡා වූ බව විශ්වාසදායක ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart