
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහගේ දැනට පවතින දේශපාලන ගමන් මග තමන්ට අදාළ නොවන නමුත් ඔහුව ‘තමන්ගේ පැත්තට’ ගැනීමට තමන් බොහෝසේ කැමති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
තමාට පෙනෙන සහ තමා දකින ලෙස රොෂාන් රණසිංහ යනු ‘හොරෙක්’ නොවන බවත්, තමන්ට එම සහතිකය ඔහුට ලබාදිය හැකි බවත්, විපක්ෂ නායකයා සඳහන් කළේය.
එසේම රොෂාන් රණසිංහ මුදල්වලට සැලෙන පුද්ගලයෙක් නොවන බවත්, ඔහු මුදල් හරහා බලපෑම් කරන පුද්ගලයෙක් නොවන බවත්, විපක්ෂනායකවරයා පැවැසීය.
විපක්ෂනායකවරයා එහිදී මෙසේද සඳහන් කළේය.
“මගේ අවසාන ස්තූතිය ප්‍රධාන වශයෙන් එක පුද්ගලයෙක්ට කරන ඕන. ඒ තමයි රොෂාන් රණසිංහ. සමහර අය ඔහුව ප්‍රශංසා කරන කොට සමහර අය මෙයා අරම කරන්න පුළුවන් මෙහෙම කරන්න පුළුවන් කියයි. මම එකක් කියන්න කැමති. මම රොෂාන් රණසිංහගේ මතයේ ඉන්න පුද්ගලයෙක් නෙවෙයි. මම ඔහුව විවේචනය කරලා තියෙනවා. මම ඔහු කරන සමහර දේවල් ගැන බරපතළ ලෙස මේ පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා. ඔහු ඔහුගේම ව්‍යාපාර කටයුතු කරලා හොඳ ආදායම් මාර්ගයක් තියෙන පුද්ගලයෙක්. මම කැමති ඔහුව මගේ පැත්තට ගන්න. ඒක මම එළිපිට කියනවා. අපට අවංක මිනිස්සු පිරිසිදු මිනිස්සු අවශ්‍යයි. මගේ හිතේ තියෙන දේවල් මම හංගන්නේ නෑ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart