
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිදහස් මාධ්‍යවේදීන් වන පුන්නියමූර්ති සසිකරන් සහ වාලසිංහම් ක්‍රිෂ්ණකුමාර් යන දෙදෙනාගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් එම ක්‍රියාව පළිගැනීමක් බවත් මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව (CPJ) ප්‍රකාශ කරයි.
ඔක්තෝබර් 08 වන දින පැවති විරෝධතාවක් පිළිබඳව වාර්තා කිරීමෙන් පසු, මඩකලපු දිස්ත්‍රික්කය නියෝජනය කරන මෙම ජනමාධ්‍යවේදීන් දෙදෙනාගේ නිවෙස්වලට ගිය පොලිස් නිලධාරීන් ඔවුන්ගෙන් වෙනවෙනම ප්‍රශ්න කර ඇතැයි CPJ පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මඩකලපු සංචාරයට සමගාමීව පැවැති මෙම විරෝධතාවේදී, සිංහල පදිංචිකරුවන් විසින් රාජ්‍ය අනුග්‍රහය ලබමින් සිදුකරන බව කියන ඉඩම් මංකොල්ලකෑමට එරෙහිව, සිය ගණනක් දෙමළ ගොවීහු සහ ක්‍රියාකාරීහු විරෝධතා දැක්වූහ.
සසිකරන් පෞද්ගලිකව හිමිකරිතාවයක් සහිත එක්සත් රාජධානියේ විකාශන ආයතනයක් වන IBC දෙමළ සහ ඩිජිටල් ප්‍රවෘත්ති ආයතනය වන BATTIMIRROR වෙනුවෙන් සිදුවීම් ආවරණය කළ අතර, ක්‍රිෂ්ණකුමාර් පෞද්ගලික වෙබ් අඩවි වන Maddu News සහ Samugam Media වෙනුවෙන් සිදුවීම වාර්තා කර ඇත.
පොලිස් නිලධාරීන් සසිකරන් සහ ක්‍රිෂ්ණකුමාර් ගෙන් ඔවුන්ගේ පෞද්ගලික සහ මාධ්‍ය පසුබිම මෙන්ම ක්‍රියාකාරකම් පිළිබඳවත්, විරෝධතාවයේ දී පිළිවෙළින් පැය දෙකහමාරක් සහ පැයකුත් විනාඩි 15ක් පමණ සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ප්‍රශ්න කළ බව ජනමාධ්‍යවේදීන් CPJ වෙත පවසා ඇත.
ඔවුන්ගේ සාක්‍ෂිවල ලිඛිත ප්‍රකාශවලට අත්සන් කරන ලෙස පොලිසිය නියෝග කර ඇති අතර, මෙම විරෝධතාවට සිදුකරන අදාළව පොලිස් අපරාධ විමර්ශනයක දී ඔවුන් නම් කර ඇති බවත්, එරාවුර්හි විභාගයකට පෙනීසිටීමට නියමිත බවත් ඔවුන්ට දන්වා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart