November 7, 2023

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් සංවර්ධනය කරන ලද අක්කර 05ක පමණ විශාලත්වයෙන් යුත් ඉඩමක් නාවල කිරි මණ්ඩල මාවතේ පවතින අතර, එය මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, පළමු අදියරේදී එකී ඉඩමෙන් අක්කර 2.67ක භුමි ප්‍රමාණයක සහ දෙවන අදියරේදී ඉතිරි අක්කර 2.33ක භුමි ප්‍රමාණයේ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස උනන්දුවක් දක්වන ආයෝජකයන්ගෙන් යෝජනා සඳහා ඉල්ලීම් කැඳවීම පිණිස අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා ඇත්තේ, නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග විසිනි.