November 6, 2023

මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 11,000ක් පමණ ක්‍රියාත්මක වුව ද ඉන් ලියාපදිංචි වී ඇත්තේ ආයතන 05ක් පමණක් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.

ඇමැතිවරයා පෙන්වාදෙන්නේ මේ තත්ත්වය නියාමන කිරීම සඳහා වෙනම අධිකාරියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.

නියාමනයකින් තොරව ක්‍රියාත්මක වන මෙම ආයතන හේතුවෙන් වැඩි වශයෙන් පීඩාවට පත්වන්නේ ග්‍රාමීය අඩු ආදායම්ලාභී ජනතාව බවත්, ලක්ෂ 30ක පමණ පිරිසක් ඒ හේතුවෙන් විවිධ අපහසුතාවන්ට පත්ව සිටින බවත් ඇමැතිවරයා පෙන්වාදෙයි.

මෙම ගැටලුව දැන් අන්තර්ජාතික මට්ටම දක්වා ගමන් කර ඇතැයි පවසන රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරන්නේ, ඒ සඳහා අවශ්‍ය නව නීති සම්පාදනය කරන බවයි.

කෙසේවෙතත් නීතිමය අවශ්‍යතාවය සම්පූර්ණය නොකරන එවැනි ක්ෂුද්‍ර මූල්‍ය ආයතන පවත්වාගෙන යෑම රුපියල් ලක්ෂ 50ක දඩයකට සහ වසර 05කට යටත්වූ සිරදඬුවමක් ලබාදිය හැකි වරදක් බවයි හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි.