
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස්පතිවරයකු පත්කිරීමට අපොහොසත් වීම සහ එය පොලිස් දෙපාර්තමේන්තුවට සහ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියට ඇති දැඩි බලපෑම පිළිබඳව නීතීඥ සාමූහිකය දැඩි කනස්සල්ල පළකර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් නීතීඥ සාමූහිකය පෙන්වාදී ඇත්තේ, පසුගිය මාස අට තුළදී ජනාධිපතිවරයා විසින් අවස්ථා කිහිපයකදීම පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ ධූර කාලය දීර්ඝ කර ඇති බවයි.
පොලිස්පතිවරයාගේ සේවා කාලය තවත් සති 03කින් දීර්ඝ කරමින් 2023 නොවැම්බර් 03 වැනි දින ජනාධිපතිවරයා විසින් එවැනි නවතම දිගුවක් සිදුකර ඇති බව වාර්තා වේ.
නිවැරදි නායකත්වයක් නොමැතිවීම හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින විශ්වාසය අවමවී ඇති බව නීතීඥ සාමූහිකය සිය නිවේදනයෙන් පවසයි.
යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමේදී පොලිසිය කෙරෙහි ජනතාව තුල පවතින විශ්වාසය අතිශය වැදගත් බවද නීතීඥ සාමූහිකය අවධාරණය කරයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart