
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන් ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව පවරා ඇති දූෂණ නඩුවක පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම කොළඹ මහාධිකරණය යළි ආරම්භ කර ඇත .
උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන ඇමති එස්.එම්. රංජිත් සමරකෝන් ඇතුළු ඔහුගේ බිරිඳ සහ පෞද්ගලික ලේකම් වන ශාන්ති චන්ද්‍රසේන යන අය 2012 සැප්තැම්බර් 27 සිට 2014 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ඉන්ධන දීමනාව ලබාගැනීමේදී රජයට විශාල පාඩුවක් සිදු වූ බවට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකිරීම අල්ලස් කොමිසම විසින් සිදුකර තිබිණි
උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයට අනුයුක්තව සේවය කරන ප්‍රධාන ගණකාධිකාරීවරිය සිය සාක්ෂියේ සඳහන් කර ඇත්තේ, ප්‍රධාන අමාත්‍ය ධූරයේ ඉන්ධන දීමනාව සම්බන්ධයෙන් නිශ්චිත චක්‍රලේඛයක් යොදා නොතිබූ බවයි.
උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන ලේකම් ආනන්ද කුලරත්න සාක්ෂි ලබාදෙමින් මහ ඇමැතිවරයාගේ ඉන්ධන දීමනාව පාලනය කිරීමට නිශ්චිත චක්‍රලේඛයක් නොමැති බව තහවුරු කර ඇත.
හිටපු මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක එස්. එම්. රංජිත්ට වඩා වාහන පාවිච්චි කළ බව ඔහු පිළිගෙන තිබේ.
හිටපු ප්‍රධාන ඇමති එස්. එම්. රංජිත්ගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේකර ප්‍රධාන අමාත්‍යාංශයෙන් නිල වාහනයක් ලබාදී ඇති බවට ප්‍රකාශ කිරීමට තමන් සතුව සාක්ෂි නොමැති බව සාක්ෂිකරුවන් පිළිගෙන ඇත.
අල්ලස් කොමිසම චෝදනා කර ඇත්තේ, පළමු විත්තිකරු එස්.එම්. රංජිත් උතුරුමැද පළාත් ප්‍රධාන ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වන ශාන්ති චන්ද්‍රසේනගේ වැටුපට ඉන්ධන දීමනාව එකතුකර තිබියදීත් ඇයගේ නිල වාහනයට නැවත රුපියල් මිලියන 2.68ක මුදලක් වෙන්කිරීමට කටයුතු කර තිබෙන බවයි.
අල්ලස් පනතේ 70 වැනි වගන්තිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ 113 සහ 102 වගන්ති අනුව, චෝදනා පහක් යටතේ මෙම අධිචෝදනා ගොනුකර ඇත.
එස්.එම්. රංජිත් සමරකෝන් යනු හිටපු ඉඩම් ඇමැති එස්.එම්. චන්ද්‍රසේනගේ සහෝදරයාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart