
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(, 2339/31 ගැසට් නිවේදනය යටතේ ප්‍රකාශයට පත්කරන ලද 2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ නියෝග අනුමත කර ඇත.
කොළඹ වරාය නගරයේ ක්‍රියාත්මක ව්‍යාපාරික සමාගම් 10ක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර, එම සමාගම් කොන්ත්‍රාත්තු අත්සන් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ අවධානය යොමුකළ බව කාරක සභාව සඳහන් කරයි.
මෙම සමාගම් කොන්ත්‍රාත්තුවලට එළඹ ඇත්තේ, ක්‍රම 03ක් යටතේ ය.
එනම් වරාය නගරය සකස් කිරීමට පෙර, වරාය නගරය සකස් කරන කාලසීමාව තුළ සහ වරාය නගරය සකස් කිරීමෙන් පසුව යන ලෙසිනි.
මෙම ගිවිසුම කිසිදු නෛතික පදනමක් සහිත ක්‍රමවේදයකට අනුව සකස් කර නොමැති බව මුදල් කමිටුව පෙන්වාදෙන අතර, ඒ හේතුවෙන් සති 04ක් ඇතුළත නීතිපතිවරයාගේ මතය විමසා ඒ පිළිබඳව කමිටුව දැනුවත් කරන ලෙස නිර්දේශ කර ඇත.
කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පෙන්වා දී ඇත්තේ, එම සමාගම් විසින් මෙම ප්‍රදේශයේ සිදුකරන ඉදිකිරීම් පිළිබඳව සොයාබැලීම වැදගත් බවයි.
දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී එයට අනුමැතිය ලබා දී තිබේ.
ක්‍රිප්ටෝ මුදල් හුවමාරු මධ්‍යස්ථාන දෙකක් පවත්වාගෙන යෑමට පෝට් සිටි කොමිෂන් සභාව අවසර ලබා දී ඇති බව කමිටුවට දන්වා ඇති අතර, ඒ පිළිබද කමිටුව මහ බැංකුවෙන් විමසා ඔවුන්ගේ මතය ලබා ගැනීමට නිර්දේශ කර ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart