
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අභ්‍යන්තර විමර්ශන තොරතුරු පිටතට යෑම වැලැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ බහුතරයක් අංශවල නිලධාරීන්ගේ ජංගම දුරකථන දිනපතා ස්ථානාධිපතිවරුන් භාරදීමට නියමකර බව එම දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අභ්‍යන්තර තොරතුරු ලබාදීම අධ්‍යක්ෂක කාර්යාලයේ ඇතැම් නිලධාරීන් මගින් සිදුවන අතර ඔවුන් සදහා මේ නිතීය අදාළ නොවන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව යටතේ අංශ 10 ක් පමණ ස්ථාපිත ව තිබෙන අතර එහි සේවය කරන්නට මේ නිතිය අදාල වන බව අරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි .
එමෙන්ම පාතාල නායක නදුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තාගේ අසාර්ථක පලායෑමේ සැලසුම සමගම රාත්‍රි සේවය සදහා නිලධාරීන් වැඩිපුර යොදවා ඇති බවත්, බහුතරයක් නිලධාරීන් වෙනත් පොලිසිවලට ස්ථානමාරු ඉල්ලා ඉවත්ව යෑම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව තුළ අර්බුදයක් නිර්මාණ වී ඇති බවත් වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart