
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනතේ ‘උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘතියක්’ යනු කුමක්ද යන්න පිළිබඳ පැහැදිලිභාවයක් නොමැතිකම සහ විෂයභාර ඇමැතිවරයාට ලබාදී ඇති අභිමතය මත උපායමාර්ගික වටිනාකම සැක සහිත ව්‍යාපෘති සඳහාද බදු සහන හා දිරිගැන්වීම් ලබාදීම ගැටලුසහගත බව නිදහස් චින්තන පර්ෂදයක් වන ඇඩ්වොකාටා (Advocata) පෙන්වාදෙයි.
මෙම පනතේ මූලික අරමුණක් වන විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීමේ අරමුණු උල්ලංඝණය කරමින්, හුදු විදේශ අරමුදල් නොලබන ව්‍යාපෘති සඳහා ද පනත යටතේ බදු සහන ලබා දී ඇති බව ඇඩ්වොකාටා ඊයේ නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කළේය.
“1977 ආර්ථිකය ලිහිල් කිරීම සහ වඩාත් අපනයනය ඉලක්ක කරගත් සංවර්ධන උපාය මාර්ගයකට මාරුවීමත් සමඟ, පළමුව 1978 අංක 04 දරන මහ කොළඹ ආර්ථික කොමිෂන් සභා පනත යටතේ සහ පසුව 1992 සිට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත යටතේ ආකර්ශනීය බදු සහන ලබාදීමෙන් රජය සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කරගැනීමට උත්සාහ කළේය. 2008 අංක 14 දරන උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත බලාත්මක කිරීම මඟින් ආයෝජන භාර ඇමැතිවරයාට උපායමාර්ගික වැදගත්කමක් ඇති ව්‍යාපෘති සඳහා දිරිගැන්වීම් ලබාදීමේ අභිමතය පරිදි කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් පසුව පමණක් අවසර ලබාදී ඇත.
උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනතේ ‘උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘතියක්’ යනු කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි නිර්ණායක නොමැතිකම සහ ‘උපායමාර්ගික’ ව්‍යාපෘතියක් යනු කුමක්ද යන්න තීරණය කිරීමට ඇමැතිවරයාට ලබා දී ඇති අභිමතය නිසා නොමසුරුව බදු සහන සහ ව්‍යාපෘති සඳහා දිරිගැන්වීම් ලබාදීමට හේතු වූ අතර ඕනෑම අර්ථයක් උපායමාර්ගික ලෙස වර්ග කෙරිණි” යැයි ඇඩ්වොකාටා පෙන්වාදෙයි.
“විශේෂයෙන්ම ආයෝජන මණ්ඩල පනත යටතේ බදු සහන ලබා ඇති සමාගම් සම්බන්ධයෙන් විනිවිදභාවය සහ තොරතුරු ලබාගැනීමේ හැකියාව සීමිතය. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) රෝග විනිශ්චය වාර්තාව විසින් වඩාත් විනිවිද පෙනෙන දත්ත හුවමාරු කිරීමේ ප්‍රොටෝකෝලයක අවශ්‍යතාවය අවධාරණය කර ඇත.” යැයි ඇඩ්වොකාටා සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart