
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සාධාරණත්වයේ අවශ්‍යතාව සහ සියලු ණය හිමියන්ට සමාන හා සාධාරණ ලෙස සැළකීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනනි ජුලී චන්ග් අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හමු වූ අවස්ථාවේ දී තානාපතිනී ජුලී චන්ග් මේ බව ප්‍රකාශ කර ඇත.
“අද, මහ බැංකු අධිපතිවරයා සමඟ රැස්වීමේ දී, මම අන්තර්ජාතික මූල්‍ය අරමුදලහි කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමට මගේ සුබපැතුම් පිරිනැමූ අතර, දෙවැනි අන්තර්ජාතික මූල්‍ය අරමුදල් වාරිකය සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයේ ප්‍රගතිය අගය කළෙමි” යනුවෙන් ඇය පවසා තිබේ.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සාධාරණත්වයේ අවශ්‍යතාවය නැවත අවධාරණය කරමින් තානාපතිනිය චන්ග් පවසා ඇත්තේ, මේ සදහා සම්බන්ධ වන සෑම පාර්ශ්වයක ම විනිවිදභාවය ඉතා වැදගත් බවයි.
“ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ වර්ධනය සහතික කරමින් සාධාරණත්වය, විනිවිදභාවය, අඛණ්ඩතාව සහ අන්තර්ග්‍රහණය අගය කරන ආර්ථික පසුබිමක් සඳහා එක්සත් ජනපදය කැපවී සිටියි” ලෙස ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart