
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පමණක් මෙරටින් වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමුන් දූෂණය කිරීමේ සිද්ධීන් 168ක් වාර්තා වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න අනාවරණය කළේය.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති කමිටු රැස්වීමක් අමතමින් ඔහු කියාසිටියේ ඉන් 22 දෙනකු ගැබිණියන් බවට පත්ව ඇති බවයි.
ළමා ආරක්ෂක අධිකාරියේ දත්තවලට අනුව 2021 වසරේ ශ්‍රී ලංකාව තුළ ළමා අපයෝජන සිද්ධීන් 11,000ක් වාර්තා වී ඇති බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.
2022 වසරේ වාර්තා වූ ළමා අපචාර සිද්ධීන්ගෙන් අවම වශයෙන් 41%ක් ලිංගික අපයෝජන බව ඔහු එහිදී පැවැසීය.
මේ වසරේ සැප්තැම්බර් මාසයේ වාර්තා වූ වින්දිතයන් සංඛ්‍යාව හා සසඳන විට එය පැහැදිලි වැඩිවීමක් බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart