
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව චීනයෙන් මෙරටට මත්ස්‍ය තොගයක් මෙරටට ආනයනය කර ඇති බවට ධීවර සංගම් චෝදනා කරයි.
ලංකා ධීවර සංස්ථාව ආනයනය කර ඇති අදාළ මත්ස්‍ය තොගය මේ වනවිට වාරයට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයි එම සංගම් සඳහන් කරයි.
ටෙන්ඩර් පටිපාටියකින් තොරව සහ කිසිදු අධ්යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව අදාළ මත්ස්‍ය තොගය මෙරටට ගොඩබෑ පසුව හදිසියේම අදාළ අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය සඳහා අවශ්‍ය ලේඛන සකසමින් සිටින බවට ඔවුන්ට වාර්තා වී ඇතැයි වෘත්තීය සමිති සඳහන් කර ඇත.
ආයතනයේ නිලධාරීන් හරහා අවශ්‍ය ලේඛන අත්සන් කරගැනීමේ උත්සහයක් පවතින බව ද ධීවර සමිති පෙන්වාදෙයි.
මේ අතර, සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මෙසේ සඳහන් කර ඇත.
”ධීවර රාජ්‍ය ඇමැතිවරයා සහ ධීවර සංස්ථාවේ සභාපතිවරයා මේ ක්‍රියාවලිය තුළ කටයුතු කරන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළව නොවේ. ටෙන්ඩර් පටිපාටියෙන් තොරව කටයුතු කරනවා. ඒ නිසා මේ සම්බන්ධව පරීක්ෂණයක් ඉල්ලනවා.
මෙරට ධීවරයන්ගේ මාළු වලට වටිනාකමක් නෑ. නමුත් චීනයෙන් ගෙන්වන මාළු වලට වටිනාකමක් දෙන්න ආණ්ඩුව සූදානම්. ඒ නිසා අපි ආණ්ඩුවේ බලධාරීන්ට කියන්නේ මේ ක්‍රියාවලිය ඉතාම කැත ක්‍රියාවලියක්. එම නිසා මේ සම්බන්ධව වහාම කරුණු ඉදිරිපත් කරන්න.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart